රටේ පුරවැසියන් හට තමන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේ දි ආගමානුකූලව හෝ අවසන් කැමැත්තට අනුව හෝ නියමිත පරිදි කටයුතු සිදු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට නව කමිටුවක් පත් කරන බව ජනපතිවරයා පවසයි.

ඒ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පෙරේදා (07) පැවැති ඉෆ්තාර් උත්සවයට එක් වෙමිනනි.

එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ,

“පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා.” බවයි.