අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම සටහනින් පෙන්වාදෙයි.