දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් 3100ක් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ පවතින බව පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.

මෑතකාලයේදී දකුණු පළාත් සභාව මඟින් වැඩිම ගුරුවරුන් පිරිසක් බඳවාගනු ලබන පළමු අවස්ථාව ද වන්නේ මෙයයි. මෙමඟින් දකුණු පළාතේ පවතින ගුරු හිඟය බොහෝ දුරට අවසන්වනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියි.

විද්‍යාව, ගණිතය, සිංහල, බුද්ධාගම සහ ඉංග්‍රීසි ඇතුළු සියලුම විෂයන් සඳහා මෙවර ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.