මෙරට පෙර පැවැත්වූ  මැතිවරණ වලට සාපේක්ෂව මෙවරදී ජනතාව මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් දක්වන විරෝධය, සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා.

ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

එහෙත් ඉන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් 225 දෙනාම ඉවත් කළ යුතුයි යන්න නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.