නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදෙස් කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වෑන් රථයේ රියදුරු සහ 35 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය.