කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදි කෙරෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර මෙම නව මගී පර්යන්තය ඉදි කිරීමට තීරණය කළ බවයි.

දේශීය ඉදිකිරීමේ සමාගමක් මෙහි ඉදීකිරීම සඳහා තෝරාගෙන ඇති බවත් වැඩිදුරටත් එතුමා සඳහන් කර සිටියේ ය.