බතලේගල කන්ද ආශ්‍රීත සියලු නව ඉදිකිරීම් නවතා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

මධ්‍යම පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක පිහිටි ජෛව විවිධත්වයෙන් අනූන බතලේගල කන්ද මුදුනේ සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම් නිසා එම පරිසර පද්ධතිය දැඩි විනාශයකට මුහුණ පා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් උසින් පිහිටි පුංචි සිගිරිය නොහොත් බතලේගල කඳු මුදුන මත මෙම ඉදිකිරීම් ඉදිවෙන්නට විය.

සන්නසක් මගින් විහාරස්ථානයට බලය පවරා ඇති බව සඳහනක් කළද කිසිදු නීතිමය ලියවිල්ලක් ඒ් සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත්ව නැති බව වාර්තා වේ. අක්කර 150ක් පුරා පැතිර ඇති රක්ෂිත ප්‍රදේශයක් වන මෙයින් අක්කර 6ක් පන්සලක් සඳහා වෙන්කර ඇති බවත්, මෙම ඉදිකිරීම් සිදුවන්නේ එම පන්සල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසත් සඳහන් වේ.

පසුගිය දින වල සමාජ මාධ්‍යය හරහා ඇති වූ දැඩි විරෝධයත්, පරිසර සුන්දරත්වය සහ පරිසරයට ආදරේ කරන ප්‍රජාවන් මෙන්ම විශය ප්‍රවීණයන් මෙම ව්‍යාප්ෘති හරහා සුන්දර කඳුමුදුන් අහිමිව යාමේ අවධානමක් ඇති බව පෙන්වා දීමත් හේතුකොටගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ඉඩමක දැනට මෙම චෛත්‍යයේ මූලික ඉදිරිකීරීම් සිදුකර ඇති අතර වහාම ඒ්වා නැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ අංශ වලට උපදෙස් දී ඇති බව වාර්තා වේ.