එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනමන කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව මේ වන විට නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව එම කුසලානය පෘථිවියේ සිට අඩි 120,000 ක් ඉහළ වායු ගෝලයේ ස්ථරයක් වන අපරිවර්තී ගෝලය (stratosphere) වෙත රැගෙන යමින් කුසලාන චාරිකාව ආරම්භ කළ බව අයි.සී.සී.ය නිවේදනය කළේය.

ලෝක කුසලානය බැලූනයක ආධාරයෙන් ඉහළ වායු ගෝලය වෙත රැගෙන ගොස් අනතුරුව එය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි. ලෝක කුසලානය අද සිට ලොව වටා රටවල් 18ක් වෙත රැගෙන යාමට නියමිතය. මේ අනුව ලෝක කුසලානය අගෝස්තු 05වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනද අද දිනයේදී නිවේදනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ලෝක කුසලානය එක් එක් රටවල් වෙත රැගෙන යන දිනයන්:

27 June – 14 July: India
15 – 16 July: New Zealand
17 – 18 July: Australia
19 – 21 July: Papua New Guinea
22 – 24 July: India
25 – 27 July: USA
28 – 30 July: West Indies
31 July – 4 August: Pakistan
5 – 6 August: Sri Lanka
7 – 9 August: Bangladesh
10 – 11 August: Kuwait
12 – 13 August: Bahrain
14 – 15 August: India
16 – 18 August: Italy
19 – 20 August: France
21 – 24 August: England
25 – 26 August: Malaysia
27 – 28 August: Uganda
29 – 30 August: Nigeria
31 August – 3 September: South Africa
From 4 September: India