2023 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මේ දිනවල චීනයේදී පැවැත්වේ. මෙහිදී කාන්තා මීටර් 100 ඉසව්වට සහභාගි වන අමාෂා ද සිල්වා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.50ට තරග බිමට පිවිසීමට නියමිතය.

මෙම තරගාවලියේ මලල ක්‍රීඩා සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සහභාගී වේ.

ඩී.ටී.අමාෂා ද සිල්වා – මීටර් 100

වෙරංගා තිසරණි. – මිටිය විසිකිරීම

රිද්මා නිශාදි – දුර පැනීම

චමල් කුමාරසිරි. – තුන්පිම්ම

තරිඳු දසුන් සමරවීර – උස පැනීම

රොෂාන් රණතුංග – මීටර් 110 කඩුලු