තරග 05කින් සමන්විත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලකුණු 49කින් ජය ගැනීමට එංගලන්තය සමත් විග. ඒ අනුව තරගාවලියේ ශූරතාව ඔස්ට්‍රෙලියාව සහ එංගලන්තය අතරේ සමසේ බෙදී ගියේය.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම ඔස්ට්‍රෙලියාව ජයග්‍රහණය කළ අතර තෙවැනි තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. සිව්වැනි තරගය සහ තීරණාත්මක පස්වැනි තරගය ජයගත්තේ එංගලන්තයයි.

ලන්ඩනයේ කෙනිංග්ටන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි තරගයේ පළමු ඉනිම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 283ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 295ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රෙලියාවට වඩා ලකුණු 12ක් පසුපසින් සිටිමින් ආරම්භ වූ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 395ක ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, අන්තුරුව ලකුණු 383ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රෙලියාවට සිය දෙවැනි ඉනිමට සියල්ලෝම දැවී ලබා ගත්තේ ලකුණු 334ක් පමණි.

මෙම තරගය ස්ටුවට් බ්‍රෝඩ්ගේ අවසන් තරගය වූ අතර, ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුල්ල දවාගැනීමට සමත්වීමද විශේෂත්වයකි.

තරගයේ වීරයා සම්මානය ඉනිම් දෙකේදී ම කඩුලු 07ක් දවා ගත් එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ටද, තරගාවලියේ වීරයා සම්මානය එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් සහ ඔස්ට්‍රෙලියාවේ මිචෙල් ස්ටාර්ක් අතරද බෙදී ගියහ.