එළඹෙන අගෝස්තු 30වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සඳහා ක්‍රීඩකයින් 17දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය අද නම් කර තිබේ.

එම සංචිතයට කේ.එල්. රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් කැඳවා ඇත. ඔවුන්ගේ ආබාධ තත්ත්වයක් සුව වී ඇති බැවින් ඔවුන් ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයේ පසුවන බවට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම වසරකට වැඩි කාලයකට පසු ජස්ප්‍රිත් බුම්රාද එක්දින ක්‍රිකට් පිටියට නැවත කැඳවා ඇත. අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරඟාවලියේදී ඔහුගේ යෝග්‍යතාවය ඔප්පු කිරීමෙන් පසු ඔහු මෙලෙස සංචිතයට කැඳවා ඇත.

ඉන්දීය සංචිතය:
රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේ.එල් රාහුල්, සූර්යකුමාර් යාදව්, තිලක් වර්මා, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදව්, ප්‍රදීෂ් ක්‍රිෂ්ණා.