දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක 15 ක පවුල් 60988 කට අයත් 210790 ක් පානීජ ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23603 කට අයත් පුද්ගලයන් 75287 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18951 කට අයත් පුද්ගලයන් 63136 කුත් බලපෑමට ලක්ව ඇත.

දැඩි නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21999 කට අයත් 70238 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952 කට අයත් 3244 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 202 කට අයත් 685 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 කට අයත් 1120 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 10048 කට අයත් 41868 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320අයත් 7737 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් 29508 අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් 25891 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 786 කට අයත් 2321 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4433කට අයත් 14752 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 329කට අයත් පුද්ගලයන් 1324 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් 485 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 කට අයත් 7512 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 922 කට අයත් 2890ක්” මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 263 කට අයත් 1215 ක් පීඩාවට පත්ව සිටින බවත් ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත.