සංචාරක ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග 03 පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මීට පෙර එම එක්දින තරග 03 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගය පෙබරවාරි 09වැනිදා පැවැත්වීමට නියමිතය.