මේ දක්වා ගාසා තීරයට එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ.

මෙම දත්ත එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇතිඅත​ර විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

ඊශ්‍රායලය ,ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාවන් නොතකා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.