ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ හමාස් සංවිධානයට එරෙහිව සිය හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලය පවසා ඇත.

මේ අතර රෝහල තුළ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ සෙබළුන් එහි ප්‍රධාන හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු වූ බව දුටු බවය.

හමාස් සංවිධානයට අල්-ෂිෆා රෝහල යටතේ අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රායලය කළ ප්‍රකාශයට පිටුබලය දෙන බුද්ධි තොරතුරු තමන් සතුව ඇති බව එක්සත් ජනපදය පවසන නමුත් හමාස් එය ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම රෝගීන් 200 ක් එහි සමූහ මිනීවළක තැන්පත් කර ඇති බව ද සඳහන් වේ.

ගාසා තීරයේ කූඩාරම්වල නිදා සිටින දහස් ගණන් ජනයා ධාරානිපාත වර්ෂාවකට මුහුණ දෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ ඔක්තෝබර් 7වනදා ප්‍රහාරයෙන් පසුවය.

එහිදී 1200 දෙනෙකු මිය ගිය අතර 200කට වැඩි පිරිසක් හමාස් සංවිධානය විසින් ප්‍රණ ඇපයට ගැනිණි.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.