ඉරණමඩු දකුණ ප්‍රදේශයේ ඉඩම් අක්කර 500 ක් හා කිළිනොච්චිය අයියකච්චි මණඩලායි ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ආණ්ඩුව විසින් චීනයට ලබාදීමේ සුදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසා ඇත.

ආණ්ඩුව සිදු කිරීමට දරන මෙම උත්සහාය ඉන්දීයාවේ සහායද ඇතිව වැළැක්වීම සඳහා වන සියලු උත්සහායන් ගන්නා බව ද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ මෙම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් ඉකුත්දා යාපනයේදි කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

කිළිනොච්චිය දකුණ ඉරණමඩු ප්‍රදේශය සිංහල ජනපදකරණය සඳහා උත්සනා දරන්නේ බොහෝ කාලයක සිටියි. 2011 වසරෙදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව සිටියදී එම මාන්කුලම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී එම ප්‍රදේශය තවත් වසර විසිපහක් වන විට ලක්ෂ පහක ජනගහනයක් සහිත නගරයක් බවට පත් කරන බව පැවසුවා. ඒ අනුව සිංහල පවුල් පදිංචි කිරීම් වෙනුවෙන් නිවාස 1000ක් ඉදි කරනු ලැබුවා. නමුත් එම නිවාස වල සිංහල පවුල් පදිංචිය අසාර්ථක වු නිසා එම නිවාස වල හමුදාව පදිංචි කිරීමට සැලසුම් කෙරුණා.

එසේ තිබියදී වර්තමානයේදී ආණ්ඩුව ඉරණමඩු දකුණ ප්‍රදේශයේ ඉඩම් අක්කර 500 ක් චීනයට ලබා දීමේ දැඩි උත්සහායක් තිබෙනවා. කිළිනොච්චිව අයියකච්චි මණ්ඩතිව් ප්‍රදේශයේ පුල්ලාවෙලි. වෙල්ලාකනි, වෙත්තලකෙනි ප්‍රදේශ වල ඉඩම් අක්කර 200ක්ද චීනයට ලබාදිමට වත්මත් ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළිදරව් වෙනවා. චීන ණය වලට හිලව් වශයෙන් මෙසේ ඉඩම් ලබාදීම් සිදු කරන්නේ

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉඩම් විශාල වශයෙන් විදෙස් රට වලට ලබාදීම සිදු වෙනවා. රට වටේ මුහුද ගොඩකර ඉදි කරන ඉඩම් පවා විදෙස් රට වලට ලබාදීම සිදු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවට හොද හිත පෙන්නුවත් චීනය සනසවමින් තමන්ගේ අරමුණු ඉතා සුක්ෂමව ඉෂ්ට කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා ආණ්ඩුවේ මෙම තීරණ ඉතාම භයානකයි.ආරංචි වන ආකාරයට ඉරණමඩු දකුණ ප්‍රදේශයට මහවැලි ව්‍යාපෘති ගෙන ඒමට නියමිතයි.

ඉරණමඩු ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කරවීමටත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් නියමිත බව වාර්තා වෙනවා. මෙය සිංහල ජනපදකරණය සදහා වන දිර්ඝ කාලීන සැලසුමක් බව පැහැදිලියි. මේ මගින් එම ප්‍රදේශ වල ජීවත් වන දෙමළ ජනතාවගේ පැවැත්මට විශාල තර්ජනයක් මෙන්ම බලපෑමක්.

ඔට්ටු සුඩාන්, කරුමට්ටම්මුරිප්පු, වැනි ප්‍රදේශ වල බෞද්ධ නටඹුන් සංකේත ඇති බව ප්‍රකාශ කරමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හරහා එම ප්‍රදේශ ආක්‍රමණය කිරීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඉදිරි ජනාපධිතිවරණය ඉලක්ක කර ගනිමින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද රැස් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග සැලසුම් කරනවා විය හැකියි.

ත්‍රිකුණාමලය සේරුවාවිල, කන්දලායි ප්‍රදේශ හා මුලතිව් ත්‍රිකුණාලය මායිම් වල පිහිටි මනරල් ආරු ප්‍රදේශය වැලිඔය ලෙසින් කවර ආකාරයකින් සිංහලජනපදකරණය කළේද එයාකාරයෙන්ම ඉරණමඩු ප්‍රදේශයත් වෙනස් කිරීමට ආණ්ඩුව උත්සහා දරනවා. ආණ්ඩුවේ මෙම උත්සහාය වැළැක්වීමට අපි සියලු ප්‍රයන්තයන් දරනවා. මේ තත්ත්වය පිළිබඳව ඉන්දීය රජය දැනුවත් කර ඔවුන්ගේ සෘජු මැදිහත්වීමක් මේ වෙනුවෙන් ලබා ගැනීමට අප උපරිම උත්සහා දරනවා.

රාජිනි මෙන්ඩිස්