ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ සියයට 10.8ක් ලෙස වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද සියයට -2.5 දක්වා පහළ වැටී තිබේ.