එල්.පී.එල්. තරගාවලියේ තරග 02ක් අදත් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ අනුව පළමු තරගය ලෙස අද පස්වරු 3.30ට GALLE TITANS කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරගයද, දෙවැනි තරගය ලෙස අද පස්වරු 7.30ට Colombo Strikers කණ්ඩායම සහ JAFFNA KINGS කණ්ඩායම අතර තරගයද පැවැත්වේ.

තරගාවලියේ ඊයේ පැවැති තරග 02න් ජය වාර්තා කිරීමට DAMBULLA AURA කණ්ඩායමත්, Colombo Strikers කණ්ඩායමත් සමත් විය. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ DAMBULLA AURA කණ්ඩායමයි.