එල්.පී.එල්. තරගාවලියේ තවත් තරග 02ක් අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ අනුව එහි පළමු තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි තරගය අද පස්වරු 7.30ට ගෝල් ටයිටන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවැත්වීමට නියමිතය.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන ඇත්තේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 02කට ක්‍රීඩා කර එම තරග 02ම ජයගෙන අපරාජිතව සිටී. එහි දෙවැනි තැන දඹුල්ල අවුරා කණ්ඩායමට හිමිව තිබේ. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිව ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ජැෆ්නා කණ්ඩායමටත්, අවසන් ස්ථානය බී ලව් කැන්ඩි කණ්ඩායමටත් හිමිව ඇත.