ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා දේශිය දැනුම පිළිබද අධ්‍යනය අංශය මිනිසාගේ ජිවත්වීමේ කලාව උදේසා දේශිය දැනුම යොදා ගැනීම පිළබද The Art of living minfullne yoga වැඩ සටහන පසුගිය (02) වැනිදා විශ්වවිද්‍යාලය පරිශයේදි පවත්වන ලදී.

එහි දී අදහස් දැක්වූ කතිකාචාර්‍ය දිනිදු දේවපුර ප්‍රකාශ කර සිටියේ තම විශ්වවිද්‍යාලය සොබාදහම හා දේශිය දැනුම එක්කරමින් ඉදිරියේදී වැඩසටහන් රැසක් කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙහිදි අදහස් දැක්වු ආචර්‍ය රවින්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ, අපෙන් තුරන් වී යන පාරිසරික හා දේශිය දැනුම නැවත මෙරට තුළ ස්ථාපිත කිරීමට මෙය මහගු අවස්ථාවක් බව ප්‍රකාශ කර සිටි අතර මෙම විශ්වවිද්‍යාලය ඒ සඳහා උත්සහගන්නා බවත් ඒ සඳහා එයට උනන්දුවක් දක්වන සියලු දේනාගේම අවධනය මේ සඳහා යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.