මිහින්තලා පුද බිමෙහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසකට පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කිරීමට සිදු වී ඇත.

ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයෙ (03) දහවල් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබිණි.