කැනඩාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවේ මිලියන ගණනක පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇතිවන අහිතකර දුමාරයෙන් ආරක්ෂා වන ලෙස කැනඩා රජය ජනතාවට උපදෙස් ලබාදී ඇත.

ලැව්ගිනි හේතුවෙන් ඇතිවන දුමාරය ඉතා අනතුරුදායක වන බැවින් එයින් ආරක්ෂාව වීම සඳහා මුහුණු ආවරණ පැළදීමට උපදෙස් ලබාදී ඇති අතර එසේ නොමැතිනම් අදාළ පිරිස් වෙත ගෘහාශ්‍රිතව සිටින ලෙස දැනුම් දී තිබේ.

කැනඩාව පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20,000ක් පමණ සිය නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම ලැව්ගිනි තත්ත්වය සතිඅන්තය දක්වා පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.