මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඇමරිකාවට යාමට නියමිතව සිටි එක් දින කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකලා.

එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසුවේ කුසල් ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නොමැති බවත් කුසල් ඒ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවත් ය.

“එයාගේ තව ඩොකියුමන්ට්ස් වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් දුන්නට පස්සේ ඉදිරි දින දෙක අතරතුර ඔහුට වීසා ලැබෙයි..”

එබැවින් මෙන්ඩිස් ට පුහුණු තරග වලට සහභාගීවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජූනි 02 වනදා දකුණු අප්‍රිකාව සමග නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.