ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ නවසීලන්තය අතර අද පැවැත්වෙන තරගයට නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් ක්‍රීඩා කරනු ලබයි.

කේන් විලියම්සන් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ මාස 07කට පසුවයි. ඒ ඔහුට ඇතිවූ අබාධ තත්ත්වය හේතුවෙන් දීර්ඝ විවේකයක් ගැනීමට සිදුවීම හේතුවෙනි.

විලියම්සන්ට මෙම වසරේ ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණු අතර ඔහු දැන් නිසි ප්‍රකෘතිමත් තත්ත්වයට පත්ව සිටින බව නවසීලන්ත කළමනාකාරීත්වය සඳහන් කරයි.