ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් මෙය නිකුත් කර ඇත.

ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ද එම ගැසට් පත්‍රයේ දැක්වේ

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,