තරගාවලිය අනිද්දා ආරම්භ වේ

නැගී එන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා A සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (13) මෙරටදී ආරම්භ වන අතර, තරගාවලියට කණ්ඩායම් 08ක් සහභාගි වේ.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වේ.

පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි සියලු තරග කොළඹ SSC, CCC, පී.සරා ඕවල් සහ ආර්.ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයත්, ඇෆ්ගනිස්තානය සහ ඕමානයත් අනින්දා තරග වැදීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ශ්‍රී ලංකා සංචිතය

දුනිත් වෙල්ලාලගේ (නායක)
ලසිත් කෲස්පුල්ලේ
අවිශ්ක ප්‍රනාන්දු
මිනෝද් භානුක
ළහිරු උදාර
ජනිත් ලියනගේ
පසිඳු සූරියබන්ඩාර
සහන් ආරච්චිගේ
අශේන් බන්ඩාර
දුෂාන් හේමන්ත
ප්‍රමෝද් මධුෂාන්
චාමික කරුණාරත්න
මතීෂ පතිරණ