පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය 2024 වසරේ දී යළි ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහතික වී ඇත.

යහපාලන රජය සමයේ හඳුන්වා දුන් මෙම රක්ෂණ ක්‍රමය පසුගිය පාලන සමයේදී අත්හිටුවා තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ලබන වසරේ සිට රක්ෂණ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මේ වනවිට තහවුරු කර තිබේ.