වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට අටක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වී අලෙවි මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතු යැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත.

වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබේ.