ඉන්දියාවේ කීර්තිමත් විස්තර විචාරකයෙකු සහ ඉදිරිපත්කරන්නෙකු වන චාරු ශර්මා ලබන සතියේ පැවැත්වෙන LPL වෙන්දේසිය සඳහාද මෙහෙයවන්නෙකු ලෙස සහභාගි වන බව LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

චාරු ශර්මා 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදීද මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කළේය.

ක්‍රිකට් ක්‍රීඩකයන් 500ක් පමණ මෙවර LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර තිබෙන බවත්, විදේශීය ක්‍රීඩකයන් 140දෙනෙක් ඇතුළුව ක්‍රීඩකයන් 300කට පමණ වෙන්දේසිය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේය.

LPL තරගාවලියට ජූලි 30වැනිදා සිට අගෝස්තු 20වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ