චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තාලිම් නැමැති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 230,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කර ඇති බව සඳහන්ය.

අද (18) උදෑසන වන විට එම සුළි කුණාටුව වේගය අඩුවී වියට්නාමය වෙත ගමන් කරනු ඇති බව චීන කාලගුණවිද්‍යා බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මේ අතර වියට්නාමයේ ද පළාත් කිහිපයක 30,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති බව වාර්තා වේ.