පළාත් සභා, මහනගර සභා හා නගර සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් වූ සංශෝධන පනත් කෙටුම්පත්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් 05 ක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේදී සිය නිවේදන යටතේ ඒ පිළිබදවද සභාවට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ එම පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.