රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතය.

එම රැස්වීමේදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කර ඇත.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.