සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය නවසීලන්ත හිටපු නායක ඩැනියෙල් විටෝරිට හිමිව තිබේ. හයිද්‍රාබාද් කණ්ඩායම සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

මීට පෙර හයිද්‍රාබාද් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙහි හිටපු නායක බ්‍රයන් ලාරායි.

විටෝරි 2014-2018 කාලය තුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්හි ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ අතර, ඔහු මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසද කටයුතු කරයි.