දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව එහි මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කර ඇත.

ඒ අනුව තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව හෙට (සෙනසුරාදා) සහ අනිද්දා (ඉරිදා) දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.