සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැති තරගය කඩුලු 09කින් ජය ගැනීමත් සමගිනි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 22.2කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 116ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 16කදී එම ඉලක්කය පසු කර ගියේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 36කදී වේගවත් ලකුණු 51ක් සහ දිමුත් කරුණාරත්න පන්දු 45කදී නොදැවී ලකුණු 56ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් සහ වනිඳු හසරංහ ලකුණු 07කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූහ.

තරගයේ වීරයා සම්මානය සහ තරගාවලියේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමි විය.

දුෂ්මන්ත තරග 02කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 06 බිඳහෙළීය.

කවිඳු කාරියවසම්