ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බව සදහන් වේ.

එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

ආනයනය කරන ලද  බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

නිර්මාණි ගුණරත්න