පසුගිය (22 )දින අත්අඩංගුවට ගෙන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ට ඇප නියම වී තිබෙනවා .

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් වංචා කිරීම සම්බන්ධව මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත විය .

කෙසේ නමුත් අද (27) නඩුව නැවත කැදවූ අවස්ථාවේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවන පතිරාජ මහත්මිය නියෝග කළා