අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසා ඇත.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් සඳහන් කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.