බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ගේ අතේ ඇගිල්ලක ඇතිවූ අබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ලෝක කුසලානයෙන් ඉවත් වී තිබේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් ආදේශ කර නැත. බංග්ලාදේශයට ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇති අතර එම තරගය එළඹෙන 11වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වේ