දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක ඇති පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ තරුණයා මිය ගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 1.2 කිලෝමීටර් කණුව අසල ගුවන් පාලම මත සිට ඔහු අධිවේගී මාර්ගයට පැන ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි මෙනාත් බානුජ නමැති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පාදුක්කේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාරන තරුණයෙකි.

අනතුරින් මෝටර් රථයට ද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ නමුත් පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන් සියදිවි නසාගන්නා බවට ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද හමුවී ඇති බව වාර්තා වේ.