මව්බිම ජනතා පක්ෂයේ (MJP) නායක ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත සජීවී විවාදයක් සඳහා විවෘත ආරාධනයක් කර ඇති බව වාර්තා වේ.

ඔහු එය කර තිබෙන්නේ, පසුගිය දා මහනුවර දී පැවති එම පක්ෂයේ සමුළුවකදී බවයි වාර්තා වන්නේ.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා විසින් මතු කරන විවිධ කරුණු සම්බන්ධයෙන් විවාද කිරීමට තමන් කැමැති බවත්, එජාපය සජබය පොහොට්ටුව සහ ජාජබ යන සියලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එක්ව කටයුතු කරන බවත්ය.

සම්මත කෙරෙන සියලුම පණත් සහ විවිධ බදු හේතුවෙන් එය පැහැදිලි වෙන බව ඔහු තව දුරටත් පවසා ඇත.