ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස් කළ අතර එහිදී සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් ලකුණු 82ක් රැස් කළේය. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් දවාළීය.

අනතුරුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 දැවී ලකුණු 211 රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස් කළේය.