චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (13) ආරම්භ කර ඇත.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් මෙම දෙවන අදියරේ භූමිතෙල් බෙදාදීම සිදු කර තිබේ.

මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන්  28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇත.

ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගත හැකි වේ.

එමෙන්ම මෙම වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.