COVID-19 රැල්ලකට මුහුණ දීම සඳහා තවත් බූස්ටර් එන්නතක් ලබා ගන්නා ලෙස ඇමරිකාවේ ධවල මන්දිරය එරට ජනතාවගෙන් ඉල්ලිමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට අමතරව ඇමරිකානුවන් COVID-19 වෛරසය ආසාදනය වී රෝහල් ගතවීමේ වැඩිවීමක් වාර්තා වන බවද එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mode a ආයතනය පැවසුවේ, සිය යාවත්කාලීන කරන ලද COVID-19 එන්නත මිනිසුන් තුළ ඇති “Eris” සහ “Fo ax” උප ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාත්මක වන බවය.

එමෙන්ම අනෙක් සමාගම්ද COVID-19 සඳහා යාවත්කාලීන කරන ලද එන්නත් නිපදවා ඇති බව ද සඳහන් වේ