2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වේ. එහිදී බ්‍රසීල කණ්ඩායම බොලීවියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 5-1ක් ලෙස ජය ගත්තේය.

එහිදී බ්‍රසීලය වෙනුවෙන් ඉහළතම ගෝල සංඛ්‍යාව වාර්තා කළ පේලේගේ වාර්තාව අබිබවා යන්නට නේමාර් සමත් විය. පේලේ බ්‍රසීලය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 92කකට එක්ව ගෝල 77ක් රැස්කර ගෙන තිබේ. නෙයිමාර් එය අබිබවා යමින් ගෝල 79ක් තමන් ඉදිරියේ සටහන් කර ගත්තේ බොලීවියා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ගෝල 02ක් රැස් කරමිනි.

නේමාර් මෙම තරගයේ 61වැනි සහ 93වැනි මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් වාර්තා කර කිරීමට සමත් විය.