පඬුවස්නුවර පුරාවිද්‍යා පරිශ්‍රයෙහි විනාශ වෙමින් පැවැති ඉපැරණි බුදු පිළිම වහන්සේලා යළි ප්‍රතිනිර්මාණය කර සැදැහැවතුන් සඳහා වන්දනාමාන කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති  විදුර වික්‍රමනායක පවසා ඇත.

වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ බව ද ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පැමිණි ඇමතිවරයා  එහිදී සඳහන් කර තිබේ.

මෙම ප්‍රතිමාවන්හි සංරක්‍ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්‍ෂණ ශිල්පීන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සංරක්‍ෂණය කර ප්‍රතිස්ථාපනය කර ඇත.

නිර්මාණි ගුණරත්න