විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැලසීමට  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය  (USAID) ඉදිරිපත් වී ඇත.

මෙරටට පැමිණ සිටින බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් ඇතුළු එම ආයතනයේ කණ්ඩායම සමග විදුලිබල  හා බලශක්ති ඇමති කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන්  අද (08) පැවති හමුවේ දි මෙසේ සහාය ලබාදීම පිළිබඳව සඳහන් කර ඇත.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව, නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ඉදිරි සති 8 තුල එම කටයුතු සිදු කිරීමට නියමිතය.