ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට  කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය.

එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත.

ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවි ඇත.

ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගය ද මෙය වේ.