ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ජනාදරයට පත් වූ ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතා පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

පර්සි අබේසේකර මහතා සුවෙන් පසුවන බවත්, ඔහුට දැනට වයස්ගත වීම නිසා ඇතිවන අපහසුතා හැර වෙනස් අසනීපයක් නොමැති බවත් පර්සි අබේසේකර මහතාගේ පුත්‍රයා වන සම්පත් අබේසේකර මහතා එක්ස්පෝෂර් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

එමෙන්ම නිවැරදි තොරතුරු නොදැන මෙවැනි අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමෙන් වළකින ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

පර්සි ⁣අබේසේකර මහතා මියගොස් ඇති බවට වූ ප්‍රකාශ සහ පළකිරීම් රැසක් අද දිනයේ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.

සම්පත් අබේසේකර මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින් බලන්න.