දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාව මත අවිනිශ්චිත තත්ත්වය මගහැරුණද ගැටලු නිර්මාණය විය හැකි බව ජාත්‍යන්තර ආයතනයක් වන ‌ෆිච් රේටින්ග්ස් (fitch rating) ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරට බැංකු පද්ධතියේ ඇතිවීමට ගිය අවිනිශ්චිතතාවය පහවයෑමට රජය ඉදිරිපත් කළ වැඩපිළිවෙල වැදගත් පියවරක් තැබූ බව ෆිච් රේටිංග්ස් පවසා තිබේ.

නමුත් සාධක ගණනාවක් නිසා තවදුරටත් බලපෑම් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද ෆිච් රේටිංග්ස් (fitch rating) පෙන්වා දී ඇත.